Posts

සුරුපී බවට අදාළ රන් අනුපාතයේ බලපෑම විද්‍යාත්මකව ඔප්පු කළ හැක්‌කක්‌ ද?

  ලොව ලස්‌සන ම ස්‌ත්‍රිය කවුරුන් දැයි ඔබෙන් කවුරුන් හෝ විමසුව හොත් ඔබ බොහෝ විට ඔබේ පෙම්වතිය, බිරිය හෝ මව යෑයි කියනු ඇත. නැතිනම් රූසපුවෙන් අගතැන්පත් දේශීය හෝ විදේශීය හෝ නිළියක ගැන කියනු ඇත. ඔබ මෙසේ කියන්නේ ඔබ ගේ දැක්‌මට අනුව ය. එනම් ඔබේ නිරීක්‌ෂණයට සාපේක්‌ෂව ය. සැබැවින් ම ලස්‌සන යනු සාපේක්‌ෂ දෙයක්‌ යෑයි කියවුණත්, ලස්‌සන ඇත්තේ රූපය තුළ නො ව බලන්නා ගේ ඇස්‌වල (ඇත්තෙන් ම මනසේ) යෑයි කියවුණත් ඇතැම් විද්‍යාඥයන් ගේ අදහස්‌ මීට වෙනස්‌ ය. මෑත දී ලන්ඩනයේ සිටින කීර්තිමත් පර්යේෂකයකු, හිටපු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු සහ වෛද්‍යවරයකු වන ආචාර්ය Julian De Silva ඉතා ම ආන්දොaලනාත්මක පර්යේෂණයක්‌ සිදු කළ අතර තවමත් කිසිදු ජර්නලයක පළ නො වූ මේ පර්යේෂණය ගැන තොරතුරු දැනටමත් අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වී තිබේ. Julian De Silva මේ සදහා පාදක කරගෙන තිබෙන න්‍යාය (එය මේ ලිපියේ පසුව විස්‌තර කෙරෙයි) ඉතා ම මෑතක දී වෙනත් විද්‍යාඥ කණ්‌ඩායමක්‌ විසින් වස්‌තුවක සුන්දරත්වය නිර්ණය පිණිස යොදාගත හැකි බව තහවුරු කරනු ලැබ තිබෙන්නකි. එනම්, රන්මය අනුපාතය (golden ratio) මුහුණේ ලස්‌සන කෙරෙහි බලපාන බව ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය Kang

■| නූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක්‌ වූ ඡේතවන දාගැබ

  ශ්‍රී ලංකාවේ ස්‌ථූප හෙවත් දාගැබ් නිර්මාණය පිළිබඳව විමසීමේ දී පැහැදිලි වන එක්‌ ප්‍රධාන කරුණක්‌ නම් ගණිතය මෙන්ම මිණිතය ද ඉතා ම නිවැරැදිව පැරැණි නිර්මාණකරුවන් භාවිත කළ බව ය. මේ බැව් සක්‌සුදක්‌ සේ පැහැදිලි වන්නේ අභයගිරිය, ඡේතවනාරාමය, රුවන්වැලි සෑය වැනි මහා ස්‌ථූප වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ වල් වැදී තිබුණත් ඒවා හැඩයේ වෙනස්‌ වීමකට හෝ මහා පරිමාණ ගරා වැටීමකට හෝ ලක්‌ නො වීමෙනි. මේ ස්‌ථූප ඉදි කිරීමේ දී භාවිත කළ තාක්‍ෂණ ක්‍රමවේද මොනවා ද? අදටත් එය රහසක්‌ ව පවතින්නේ ඇයි ද යන්න පිළිබඳව මෙරට ප්‍රධාන පෙළේ පර්යේෂණ ඉංජිනේරුවරුන් තිදෙනකු විසින් මෑතක දී අධ්‍යයනයක්‌ සිදු කරන ලදි. ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්‌ථානයේ යාන්ත්‍රික ඉංජිනේරු, පර්යේෂණ විද්‍යාර්ථී කපිල පීරිස්‌, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යංශයේ වරලත් සිවිල් ඉංජිනේරු සංජීව විඡේසිංහ සහ බැල්µa බීම් ඉංජිනේරු සේවා ආයතනයේ වරලත් ඉංජිනේරු චන්දන ජයවර්ධන එම විද්වතුන් ත්‍රිත්වයයි.  මහා විහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ ඇති වූ දෙවැනි නිකාය වන්නේ අභයගිරියයි. අභයගිරියෙන් පසු තුන්වැනි නිකායක්‌ බිහි වෙයි. ඒ ඡේතවන නිකායයි. මේ සියල්ල