සුරුපී බවට අදාළ රන් අනුපාතයේ බලපෑම විද්‍යාත්මකව ඔප්පු කළ හැක්‌කක්‌ ද?

 


ලොව ලස්‌සන ම ස්‌ත්‍රිය කවුරුන් දැයි ඔබෙන් කවුරුන් හෝ විමසුව හොත් ඔබ බොහෝ විට ඔබේ පෙම්වතිය, බිරිය හෝ මව යෑයි කියනු ඇත. නැතිනම් රූසපුවෙන් අගතැන්පත් දේශීය හෝ විදේශීය හෝ නිළියක ගැන කියනු ඇත. ඔබ මෙසේ කියන්නේ ඔබ ගේ දැක්‌මට අනුව ය. එනම් ඔබේ නිරීක්‌ෂණයට සාපේක්‌ෂව ය.


සැබැවින් ම ලස්‌සන යනු සාපේක්‌ෂ දෙයක්‌ යෑයි කියවුණත්, ලස්‌සන ඇත්තේ රූපය තුළ නො ව බලන්නා ගේ ඇස්‌වල (ඇත්තෙන් ම මනසේ) යෑයි කියවුණත් ඇතැම් විද්‍යාඥයන් ගේ අදහස්‌ මීට වෙනස්‌ ය.


මෑත දී ලන්ඩනයේ සිටින කීර්තිමත් පර්යේෂකයකු, හිටපු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු සහ වෛද්‍යවරයකු වන ආචාර්ය Julian De Silva ඉතා ම ආන්දොaලනාත්මක පර්යේෂණයක්‌ සිදු කළ අතර තවමත් කිසිදු ජර්නලයක පළ නො වූ මේ පර්යේෂණය ගැන තොරතුරු දැනටමත් අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වී තිබේ.


Julian De Silva මේ සදහා පාදක කරගෙන තිබෙන න්‍යාය (එය මේ ලිපියේ පසුව විස්‌තර කෙරෙයි) ඉතා ම මෑතක දී වෙනත් විද්‍යාඥ කණ්‌ඩායමක්‌ විසින් වස්‌තුවක සුන්දරත්වය නිර්ණය පිණිස යොදාගත හැකි බව තහවුරු කරනු ලැබ තිබෙන්නකි.


එනම්, රන්මය අනුපාතය (golden ratio) මුහුණේ ලස්‌සන කෙරෙහි බලපාන බව ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය Kang Lee ඇතුළු පිරිස දැනටමත් පෙන්වා දී ඇති අතර මීට අදාළ අධ්‍යයනය Vision Research ජර්නලයේ පළ ව තිබේ. එහි දී ඔවුන් කළේ කාන්තා මුහුණුවල රුව විශ්වවිද්‍යාල සිසු සිසුවියන් පිරිසකට පෙන්වීමයි.


ඒවා රූමත්කම අනුව ශ්‍රේණිගත කරන ලෙස සිසු සිසුවියන් පිරිසට දන්වන ලදි. ඉන්පසු ඒ රූප රන්මය අනුපාතයට අනුව පරිගණකයෙන් ශ්‍රේණිගත කරන ලදි. ප්‍රතිඵල සසදන විට පෙනී ගියේ සිසු සිසුවියන් ඉතා ලස්‌සන යෑයි ශ්‍රේණිගත කළ සියලු මුහුණුq ඉතා ඉහළ සමමිතියක්‌ පෙන්වූ බවයි. තමා එම අධ්‍යයනයේ ප්‍රතිඵල භාවිත කළ බව Julian De Silva පවසයි.


මේ සියලු පරීක්‌ෂණවලට අදාළ න්‍යාය වන රන්මය අනුපාතය (Golden Ratio) සමමිතියට අදාළ මිනුමක්‌ මත ගොඩනැෙගන්නකි. Julian De Silva ගේ නව අධ්‍යයනයට අනුව (මේ මිනුම අනුව) දැනට ලොව සිටින ලස්‌සන ම කාන්තාව වන්නේ ඇමෙරිකානු යොවුන් නිළියක වන Amber Heard ය. ඇය ගේ රුව ලස්‌සන ම මුහුණ ලෙස තෝරාගනු ලැබ ඇත්තේ ලොව පුරා සිටින සුරූපී යෑයි කියවෙන කතුන් ද ඇතුළුව කතුන් දස දහසක්‌ පමණ දෙනා අතුරෙනි. මෙහි දී අධ්‍යයනය මෙහෙයවූ Julian De Silva පවසන්නේ ඒ සියලු මුහුණු අතුරින් ඉහළ ම රන්මය අනුපාත අගයක්‌ දරන්නේ Amber Heard බවයි. පළමු වටයේ දී රන් අනුපාත අගයට ඉතා දුරස්‌ථ වන විශාල පිරිසක්‌ අත්හැර දමා දෙවැනි වටයට ගමන් කළ අතර මෙසේ වට කිහිපයක්‌ අවසානයේ දී සීමිත පිරිසක්‌ තෝරාගන්නා ලදි. පුදුමයට මෙන් මේ අය අතර ලොව ඉහළ ම ජනප්‍රියතාවක්‌ දිනූ නිළියෝ කිහිප දෙනෙක්‌ ද වූ හ. නම් වශයෙන් සදහන් කළ හොත් Kate Moss" Kim Kardashian" A.Heard" Scarlet Johansson" Rihanna" E.Rtajkowski" Kendall Jenner ආදීහු ඒ අතර වූ හ.


මේ සියලු ම දෙනා අතරෙන් මුහුණේ හැඩය රන්මය අනුපාතයට වඩාත් සමීප වන්නේ Amber Heard ගේ බව Julian De Silva පෙන්වා දෙයි. ඇය රන්මය අනුපාතයට සියයට 91.85කින් ආසන්න වී සිටියි. Kim මීට ළං ව ඇත්තේ සියයට 91.39කිනි. Kate Moss ගේ ප්‍රතිශතය සියයට 90.06කි.


මේ අය අතර පවතින පරතරය ඉතා ම සුළු එකක්‌ බව පෙනේ. පැරැණි ජනප්‍රිය නිළියක හා රූප සුන්දරියක වූ Marilyn Monroeට මේ ලැයිස්‌තුවේ හිමි ව ඇත්තේ 9 වැනි ස්‌ථානයයි.


මේ ගණනයන්හි දි සමස්‌ථ මුහුණේ සමමිතිය මෙන්ම මුහුණේ පවතින හුදකලා අංගයන්හි රන්මය අනුපාත ද මනින ලදි.


නිදසුනක්‌ දක්‌වත හොත් ඇස්‌, ඇසිපිය, නාසය, තොල්, නිකට ආදි ස්‌ථාන ද සැලකිල්ලට ගන්නා ලදි. එනම් මේ කොටස්‌වලට අදාළව ද ලස්‌සන ම ස්‌ත්‍රිය තෝරන ලදි. එවිට ලස්‌සන ම ඇස්‌ ඇති කාන්තාව ලෙස තේරුණේ Scarlet Johanssonය. ලස්‌සන ම නාසය ඇති කත වූයේ පළමු තැන(සමස්‌ත) දිනූ Amber Heard ය.


කෙසේ වෙතත් ස්‌ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයේ ගණිතය පිළිබද මහාචාර්ය Keith Devlin පවසන්නේ රූප සුන්දරියන් සදහා මෙවැනි ගණිත ක්‍රමයක්‌ භාවිතය විකාරයක්‌ බවයි.


වර්ජිනියාවේ Macon විශ්වවිද්‍යාලයයේ ගණිත මහචාර්යවරියක වන Eve Torance ද මීට සමාන මතයක්‌ දරයි. යුක්‌ලිඩීය ගණිතයෙහි මෙවැනි රන්මය අනුපාත යෙදුමක්‌ ඇතත් එය ස්‌ත්‍රි හෝ පුරුෂ රූප සුන්දරත්වයට සබැෙදන දෙයක්‌ නො වන බව ඇය කියයි. මෙය කා ගේ හෝ වාණිජමය අරමුණු සාක්‌ෂාත් කරගන්නට හෝ ජනප්‍රියත්වයට හෝ ගෙන ආ සන්කල්පයක්‌ බව ඇගේ අදහසයි.


එහෙත් Julian De Silva පෙන්වා දෙන්නේ තමා ගේ අධ්‍යයනය ජර්නලයක පළ නො වුණ ද මෑතක දී පළ වූ අධ්‍යයන බොහොමයකින් තම මතය තහවුරු කරන බවයි. තම මතය තහවුරු කිරීමට ඔහු විසින් මහාචාර්ය Kendra Schmid ද ඈදාගන්නා ලදි. Nebraska වෛද්‍යවිද්‍යාලයයේ මහාචාර්ය Kendra Schmid ඇතුළු පිරිස විසින් මේ සම්බන්ධ අධ්‍යයනයක්‌ සිදු කරන ලද අතර එම අධ්‍යයනය සාම්‍ය සමාලෝචිත (Peer Reviewed) ජර්නලයක්‌ වන Pattern Recognition හි පළ ව ඇත.


Computation of a Face Attractivesness - and Golden Ratio නම් වන මේ වාර්තාව විද්‍යාත්මක ප්‍රජාව අතර මහත් ආන්දොaලනයකට ලක්‌ වූ එකක්‌ විය. කෙසේ වෙතත් උක්‌ත අධ්‍යයනය Julian De Silva ගේ මතය සම්පූර්ණයෙන් තහවුරු කරන්නක්‌ නො වේ. එහි සමාලෝචනයෙන් ප්‍රකාශ වූයේ රූමත්කම කෙරෙහි සමමිතිය යම් බලපෑමක්‌ දැක්‌වුවත් රන්මය අනුපාතය හැම අවස්‌ථාවක දී ම ප්‍රබල සාධකයක්‌ නො වන බවයි. Pattern Recognition ජර්නලයේ පළ වූ මේ අධ්‍යයනයේ දී පර්යේෂකයන් Nebraska විශ්වවිද්‍යාලයයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා සේවකයන් 36 දෙනකු යොදාගෙන තිබිණි. ඔවුන් ගෙන් 18ක්‌ පිරිමි හා 18ක්‌ ස්‌ත්‍රීහු වූ හ. මේ අය වයස අවුරුදු 19 සිට 61 දක්‌වා වූ අයයි. මේ අයට පර්යේෂකයන් විසින් පිංතූර 232ක්‌ නරඹන්නට ලබා දෙන ලදි. මේ සදහා පිංතූර විශාල ප්‍රමාණයක්‌ තෝරාගෙන තිබුණේ Facial Recognition Technology Database වෙතිනි. ඊට අමතරව 1930 දශකයේ සිට මේ දක්‌වා ජනප්‍රියව සිටි නළුනිළි ඡායාරූප ද භාවිත කර තිබිණි. මේ සියලු ම පිංතූර පරිගණකය මගින් රන්මය අනුපාතය සදහා මිනුම් ගන්නා ලදි. එම පිංතූරවල සිටින අය ලස්‌සන අනුව ශ්‍රේණිගත කරන ලෙස සහභාගි වූවන්ට දන්වන ලදි. ඉන්පසු පරිගණකයෙන් රන්මය අනුපාතයට අනුව ලස්‌සන අය සොයන විට පෙනී ගියේ රන්මය අනුපාතය දුන් දත්ත සමග ලොකු ගැලපීමක්‌ මේ සහභාගී වූවන් ගේ ශ්‍රේණිගත කිරීම් සමග නැති බවයි. රන්මය අනුපාතය සමග එය ගැළපුණේ 40%කින් පමණි. එනම් 60%කින් ම එය පැරදී ඇත. ඒ නිසා Julian මෙය තම මතය සනාථ කිරීමට උදාහරණයක්‌ ලෙස ගත්ත ද එය සාර්ථක නො වන බව පෙනේ...



SARVEGA | සර්වෙගා•

Comments

Popular posts from this blog

■| නූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක්‌ වූ ඡේතවන දාගැබ